ඉකුත් අප්‍රේල් 10වැනිදා දක්වා එංගලන්තයෙන් හා වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී සැබෑ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව එංගලන්ත රජය විසින් දිනපතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ සංඛ්‍යාවට වඩා සියයට 41 කින් වැඩි බව එංගලන්තයේ ජාතික සංඛ්‍යා ලේඛන පිලිබඳ කාර්යාලය නිවේදනය කර තිබේ .
එංගලන්ත රජය විසින් දිනපතා ප්‍රකාශ කරනු ලබන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව රෝහල්වල සිදු මරණ සංඛ්‍යාව පමණක් බව පෙන්වා දෙන එම කාර්යාලය එයට පුද්ගලික රෝහල් ,සාත්තු නිවාස හා පුද්ගලික නිවාසවල කොරෝනා වෛරසයෙන් ආසාදිතව මිය යන අයගේ සංඛ්‍යා ලේඛන ඇතුළත් කර නොමැති බව අවධාරණය කර සිටි .
මේ අනුව කොරෝනා වෛරස් ආසාදනයෙන් අප්‍රේල් 10 වැනිදා වන විට එංගලන්තයේ හා වේල්සයේ මිය ගිය සැබෑ සංඛ්‍යාව 13,121 දෙනෙකු වන අතර එංගලන්ත රජය විසින් එය ප්‍රකාශ කරන ලද්දේ මරණ 9288ක් වශයෙන් බව එම කාර්යාලය වැඩි දුරටත් කියා සිටී .
