Gossip

ඇල්බට් කුමාරයාටත් කොරෝනා

මොනෑකෝ රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන II වන ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මොනෑකෝහි රාජ්‍ය නිවේදනයකින් කියැවේ. කෙසේ වෙතත් කුමාරයාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක නැතැයි ද එම නිවේදනයෙන් කියැවේ. මධ්‍යධරණී මුහුද ආසන්නයේ පිහිටි මෙම ප්‍රාන්ත රාජ්‍යයේ නාම මාත්‍රික රාජ්‍ය නායකයා සිය පුද්ගලික නිවසේ සිට රාජකාරි කටයුතු කරනු ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු රාජ්‍ය නායකයා ඇල්බට් කුමරුන්ය.

ඇල්බට් කුමාරයාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූයේ මොනෑකෝහි අගමැතිවරයා වන සර්ජි ටෙලේ මහතාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමෙන් දින තුනකට පසුවය.

නවතම තත්ත්වය යටතේ මොනෑකෝහි සියලුම ප්‍රසිද්ධ ස්ථාන ඊයේ (සෙනසුරාදා) සිට වසාදමා තිබේ. මේ වන විට මොනෑකෝ රාජ්‍යයේ 10 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.

ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!