විශේෂයෙන්ම මෙම ඉබෝලා වෛරසයේ ස්වභාවික ධාරකයන් ලෙස ගැනෙන්නේ වානර කුලයට අයත් සතුන් වර්ගය. ආසාධිත හෝ මියගිය ගෝරිල්ලා , චිම්පන්සින් හා වදුරන් ආදී සතුන් මගින් මෙය මිනිසාට සම්පේ‍්‍රෂණය වී ඇති අතර, මෑතකදී කරන ලද පර්යේෂණ අනුව ෆ්රුට්බැට් නමින් හදුන්වන වවුල් විශේෂයක්ද මෙහි ධාරකයන් ලෙසින් කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම සත්ත්ව විශේෂයන් අපි‍්‍රකානු භූමි කලාපය තුළ මිනිසුන් විසින් වැඩි වශයෙන් ආහාරය සදහා ගනු ලබන අතර, ඒ නිසාම මෙම ඉබෝලා වසංගතය ජනතාව අතර ව්‍යාප්ත වීමේදී මූලික වශයෙන් එම සතුන් ආහාරයට ගැනීම බලපා තිබේ .
(අප්‍රිකානු රටක් වන කොංගෝ රාජ්‍යයේ පැතිර ගොස් ඇති වෛරසයකින් පැතිර යන මාරාන්තික එබෝලා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ කොංගෝවෙන් අලූතින් එබෝලා ආසාදිතයින් හමුවීම හේතුවෙනි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එබෝලා වසංගතය සම්බන්ධ සිය ස්ථාවරය පෙරේදා (14දා) නිවේදනය කරන ලද්දේ කොංගෝව විසින් සිය නවතම එබෝලා වසංගත තත්ත්වය පිළිබඳව නිවේදනය කිරීමට සැලසුම් කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .මෙම නවතම එබෝලා වසංගතය කොංගෝවේ දස වැනි එබෝලා වසංගත තත්ත්වය ලෙස වාර්තා වී ඇත. මේ එබෝලා වසංගතයේ ඉතිහාසය ගැන කෙරෙන විවරණයකි )
වර්තමාන ලෝක සමාජ කතිකාව තුළ බහුල වශයෙන් සාකච්ඡුාවට බදුන් වන මාතෘකාවක් ලෙසින් කොරෝනා හෙවත් කොවිඞ් -19 වසංගතය දැක්විය හැකිය. පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ මෙම කොරෝනා වසංගතය අද වන විට රටවල් 200ක පමණ පැතිරී ඇති බව පෙනේ. කොරෝනා වසංගතය චීනයේ ආරම්භ වුවද මේ වන විට එහි තිඹිරිගෙය බවට පත් වී ඇත්තේ යුරෝපා භූමි කලාපයයි. එහි බලපෑම හරහා ලංකාව තුළද කොරෝනා ආසාදිතයින් රැසක් හදුනාගෙන තිබේ. මෙහි ආරම්භයට බලපෑ හේතු පිළිබඳව නිශ්චිතවම තොරතුරු හදුනාගෙන නොමැති අතර, සතුන් හරහා මිනිසාට බෝවීම සිදුවී ඇති බවට තොරතුරු හදුනාගෙන තිබේ. ලෝකය පුරාම මිනිසුන් භීතියට පත් කරමින් ජන ජීවිතයට තර්ජනයක් වූ මෙම වසංග තතත්ත්වය සමග අතීත සමාජය දෙස අවධානය යොමු කිරීමේදී කොරෝනාවට නොදෙවෙනි වූ වසංගත පිළිබඳව තොරතුරු හමුවන අතර, ඒ තුළ ඉබෝලා වසංගතය ද ප්රබලව බලපෑම් කළ බව පෙනේ .
විශේෂයෙන්ම ඉබෝලා වසංගතයෙහි ඉතිහාසය, නැතිනම් අතීතය පිළිබඳව තොරතුරු අධ්‍යනය කිරීමේදී මෙම වෛරස් රෝගය ප්‍රථම වරට හදුනාගන්නා ලද්දේ 1976 වසරේදීය. මරණයට පවා පත්විය හැකි දරුණු වසංගතයක් වූ මෙම ඉබෝලාව අපි‍්‍රකානු රාජ්‍යයන් වන සුඩානයේ සහ කොන්ගෝවේදී සොයා ගත් අතර, කොන්ගෝවේ රෝගය පැතිර යාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදු වූ නිසා මෙම වෛරසය ඉබෝලා නමින් හදුන්වා තිබෙන බව පෙනේ. විටෙක අප්‍රිකානු මහද්වීපය පුරා පැතිරී යන මරණීය අදෝනාව ලෙසින් හදුන්වන මෙම ඉබෝලා වසංගතය 1976 වසරේ සිට මේ වනවිට 40 වතාවක් පමණ හිස ඔසවා තිබේ. එහි ප්‍රතිඵලය වූයේ මේ සෑම අවස්ථාවකදීම මිනිසුන් සිය ගණනින් මරණයට පත් වීමය. මුල්ම කාල පරිච්ඡ්දයේ මෙම රෝගය පිළිබඳව නිවැරදිව තොරතුරු සොයා ගැනීමට නොහැකි වීම නිසාම එහිදී මැලේරියා උණට අදාළ ප්‍රතිකාර සිදු කර තිබෙන බව පෙනේ . මෙම ඉබෝලා වසංගතයෙහි ස්වභාවය වනුයේ කලින් හදුනා ගතහොත් සුවවීමට වැඩි අවස්ථාවක් තිබීම සහ හදුනා ගැනීමට කල්ගතවීම මරණයට පවා පත් වීමට සිදු වීමය. වෛරස් ආසාදනයක ප්‍රතිඵලයක් ලෙසින් ඇති වන මෙම ඉබෝලා වසංගතය ඉබෝලා වෛරස් උණ ලෙසත්, ඉබෝලා රක්තපාත උණ ලෙසත් සමාජ ව්‍යවහාරයේ පැවති බව පෙනේ .
එන්. සුරේෂ් කුමාර නවරත්න
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
