පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකුට රු.50,000 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ රජයට නියම කර තිබෙනවා.පොලීසිය විසින් උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමට පිරිස් විසුරුවා හරිමින් සිටියදී දවසේ රාජකාරි නිමවා නිවසට යමින් සිටි තමාට කොටුව දුම්රිය ස්ථානයේදී නිකරුනේ පහරදී තුවාල සිදුකළ බැවින් ඊට සුදුසු වන්දියක් ඉල්ලා ගම්පහ ප්‍රදේශයේ පදිංචි දුමින්ද හපුආරච්චි නමැති පුද්ගලයෙකු මෙම නඩුව කොළඹ දිසා අධිකරණයට ගොනු කර තිබුණි.2014 වසරේ අප්‍රේල් 22 වන දින උද්ඝෝෂණයක් අතරවාරයේ පොලීසිය විසින් මෙම පුද්ගලයාට පහරදුන් බව වාර්තා විය.ඒ අනුව කාලයක් තිස්සේ ඒකපාර්ශවිකව මෙම නඩුව විභාග කළ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර විසින් මෙම පුද්ගලයාට රු.50,000 ක වන්දියක් ගෙවන ලෙස හා නඩු ගාස්තු ගෙවන තෙක් ඊට අදාළ පොලියද ගෙවන ලෙස නියම කර තිබෙනවා.
