නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පිරිමින්ට වඩා කාන්තාවන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
නුවරඑළියේ පසුගියදා පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ හයවැනි අදියරට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
‘‘වතුකරයේ ජනතාවගේ තිබෙන ආර්ථිකය ඉතාමත් අඩුපාඩුකම් නිසා ඔවුන් ඉතාමත්ම දුගී භාවයෙන් පෙළෙනවා. ඒ නිසා වතුකරයේ ජනතාව ප්රමුඛ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙක් සියළු ජන කොටස්වළ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම කැපවීම අවශ්‍යයයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව එක් අවුරුද්දකට අරක්කු සහ දුම්වැටි සඳහා වියදම් කරනවා රුපියල් කෝටී 1600ක්. තවත් විශේෂත්වයක් තමයි පිරිමින්ට වැඩිය කාන්තාවන් විශේෂයෙන් මධ්‍යසාර භාවිතා කරනවා’’.