හොලිවුඩ්

උඩු ගුවනේ හොරු අල්ලන්න උකුස්සෙක් බඳවා ගනියි

ukussa

ලෝක තාක්ෂණයේ දියුණුවත් සමඟම  අපරාධ රැල්ලත් වැඩිවෙලා තියෙනවා.

සමහරක් අපරාධ කොහොම කළේද කියන්නවත්  හොයාගන්න අමාරු තත්ත්වයක  තමයි තියෙන්නේ.

ලෝකයේ සෑම ප්‍ර දේශයකම වගේ   මේ අපරාධ රැල්ල කාලයෙන් කාලයට වැඩිවෙලා තියෙනවා. අපරාධ කාරයෝ කොහේද කියල හොයාගන්නත් බෑ. හැම තැනම වාගේ ඉන්නවා.

මේ කයන්න යන්නේ   අමුතුම කතාවක්   උඩුගුවනේ ඉන්න අපරාධ කාරයෝ හොයන්න අලුත්ම මෙහෙයුමක් පටන් අරගෙන.

හැබැයි අපරාධකාරයෝ කිව්වට අපරාධකාරයෝම නොවෙයි. උඩුගුවනේ අනවසරයෙන් ගුවන්ගත කරන ඩ්‍රෝන් යානා ඇල්ලීම සඳහා තමයි මේ වැඩේ ක්‍රියාත්මක කරන්නේ.

මේ ඩ්‍රෝන් යානා  අල්ලන්න කවුද දන්නවාද  පුහුණු කරලා තියෙන්නේ.

ඒ  වෙන කවුරුත් නෙවෙයි උකුස්සෙක්ව තමයි මෙහෙම පුහුණු කරලා තියෙන්නේ.

හැබැයි ලංකාවේ නම් නෙවෙයි.  මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ නෙදර්ලනත්යේ.

කොහොම හරි ඉදිරි කාලවලදී මෙහෙම උකුස්සෝ පුහුණු කරලා හොරු අල්ලන්න හැදුවොත් සල්ලිත් ඉතුරුයි කාලයත් ඉතුරුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!