Gossip

වාහන ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණාට ආයෙමත් ලයිසන් දෙන්නේ නෑ – අලුතෙන්ම ගෙනාපු රථවාහන නීතිය මෙන්න

රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ශාරීරීක යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වනවා.
නමුත් ඉදිරියේදී මෙම ශාරීරික යෝග්‍යතා සහතිකය පමණක් ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ.
ඒ දිනෙන් දින සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්.
මේ නිසා ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසනවා.
මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!