Gossip

මහ අව්වේ පුංචි දරුවන් අතින් ගිනස් වාර්තාවකට යන්න කාපු උඩරට මඟුල අවමඟුලක් වෙන හැඬයි

ලෝක වාර්තාවක් තැබීම සඳහා මංගල උත්සවයක මනමලියක් හැඳ සිටි මීටර් 3200 දිගින් යුතු සාරි පොට අල්ලා ගැනීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීම ගැන විවිධ කතා මාධ්‍යවල වාර්තාවුණා.
මේ වැඩේට හුඟක් අය දෝෂාරෝපන එල්ල කළේ මේ වගේ වැඩවලට පාසැල් ළමයින් යොදා ගැනීම වැරදියි කියමින්.
කොහොම වුණත් මේ ගැන මධ්‍යම පළාත් සභා ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ උපදෙස් මත පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දැනට අනාවරණය වී ඇත්තේ මෙම පාසැල් දැරියන් එදින අලුයම 02.30 පමණ සිට දහවල දක්වා මෙම කටයුත්ත සඳහා යොදා ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීම සදහා අදාළ පාසලේ විදුහල්පතිවරයා සහ ඊට උපකාර කළ ගුරුවරියන්ද අද (25) ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියද වෙනම පරීක්ෂණයක් සිදුකරන බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!