නව කොරෝනා වෛරස වසංගතය පැතිරවීම චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප‍්‍රතිවිපාකවලට චීනය මුහුණ දියයුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
චීන රජය නව කොරෝනා වසංගතය හැසිරවූ ආකාරය සම්බන්ධව එල්ලවන විවේචන සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු ජනපතිවරයා මේ බව පවසා තිබේ.
‘‘වසංගතය ආරම්භ වීමට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසා දැන් මුළු ලෝකයම දුක් විඳිනවා. එය වැරැද්දක් නම්, වැරදීමකින් සිදුවූ වැරැද්දක්. නමුත් එය ඔවුන් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප‍්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා” යැයි ජනපති ට‍්‍රම්ප් දිනපතා ධවල මන්දිරයේ පැවැත්වෙන පුවත්පත් සාකච්ඡුාවට එක් ප‍්‍රකාශ කර තිබේ.
