Gossip

කොරෝනා ” බල්ලන්ට, පූසන්ට “මාරකයක්” වෙයි

තුර්කිය ඇතුළු  මැදපෙරදිග රටවල , හා ඉන්දියාවේ පුසන් ,බල්ලන් ඇතුළු සුරතල් සතුන් ඇති කරන පුද්ගලයින්  එම සතුන් හරහා තමන්ට කොරෝනා වෛරසය ශරීරගත වේ යැයි බියෙන් එම සුරතල් සතුන් මහමග අතහැර දැමීමට පෙළඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .මෙම තත්ත්වය වැඩි වශයෙන් උද්ගතව ඇත්තේ පුසන් සම්බන්ධයෙන් වන අතර මැදපෙරදිග රටවල පසු ගිය දිනවල නිවෙස්වල සුරතලයට ඇති කරනු ලැබූ පුසන් (ගැබිණි පුසියන් ඇතුළු )කොරෝනා වෛරසය පතුරුවාවී  යැයි  බියෙන් ඔවුන්ගේ අයිතිකරුවන් විසින් මහමග දමා ගොස් තිබු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .

මෙම තත්ත්වය මත මැදපෙරදිග රටවල හාමතේ මහාමාර්ගවල ඇවිද යන පුසන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දෙනුයේ පුසන් හෝ වෙනත් සුරතල් සතුන් මාර්ගයෙන් කොරෝනා වෛරසය මිනිසාට පැතිර යා හැකි බව මෙතෙක් පර්යේෂණවලදී ඔප්පු වී නොමැති බවත් මෙම වෛරසය පැතිරෙනුයේ මිනිසාගෙන් මිනිසාට බව පමණක් තහවුරු වී ඇති බවයි .එහෙත් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකුගෙන්  සුරතල් සතුනට මෙම වෛරසය පැතිරීමේ හැකියාවක් ඇති බවටද පර්යේෂකයෝ පෙන්වා දී තිබේ .

එංගලන්තයේ  පුසන් සඳහා පවතින අනාථ නිවාසවලින්  රැගෙන ආ  පුසන් සුරතලයට ඇති කරන්නන්ගෙන්   ඇත. මෙසේ පුසන් කොරෝනා වෛරසය පතුරුවනු ඇතැයි බියෙන් එම අනාථ නිවාස අමතා එම පුසන්ට වෙනත් හිමිකරුවෙකු සොයා දෙන ලෙස කරන ඉල්ලීම් මෙම දිනවල වැඩි වී ඇති බව බී බී සී පුවත් සේවය පවසයි .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!