Gossip

“අපිට සැප මදි.. හරියට සැප නොදුන්නොත් ගම්වලට පැනලා කොරෝනා බෝ කරනවා.” දිවුලපිටිය රෝහලේ රෝගීන් පිරිසක් තර්ජනය කරයි

දිවුලපිටිය කොවිඩ් රෝහලේ රෝගීන් කණ්ඩායමක් නිසා රෝහල් පරිපාලනය බරපතල අපහසුතාවයකට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

තමන්ට ලැබෙන ආහාර වේල රසවත් නැති බවත්, ප්‍රමාණවත් නාන කාමර හා වෙනත් පහසුකම් නොමැති බවත් කියමින් මොවුන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට බැණ වදිමින් අදාල පහසුකම් සැපයුවේ නැති නම් රෝහලින් පැන ගොස් ගම් වදින බවට තර්ජනය කර තිබේ.

දැනට කොරෝනා ප්‍රතිකාර රෝහලක් බවට පත් කර ඇති දිවුලපිටිය දිසා රෝහලේ රෝගින් 102ක් ප්‍රතිකාර ලබයි.

එම පිරිස අතරින් ඩොක්යාර්ඩ් ආයතනයේ සේවය කරමින් සිටිය දී ආසාදිත වූ පුද්ගලයින් 15 දෙනෙක් මෙලෙස රෝහල් කාර්ය මණ්ඩලය අපහසුවට පත් කරමින් තර්ජනය කර තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයන් වෙනුවෙන් ඩොක් යාර්ඩ් ආයනයෙන් වියලි ආහාර ද්‍රව්‍ය රෝහල වෙත සපයන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ තර්ජන නිසා රෝහල අවට මේ සිදුවීම පොලිසියට, මහජන සෞඛ්‍ය බලධාරීන්ට, ලිඛිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!