Gossip

“ආදරේ කියන දේ ඇති වෙනවා නැතිවෙනවා.. පවතිනවා..විවිධ හේතු නිසා තමන්ගෙ ආදර සම්බන්ධතා අසතුටෙන් වුණත් පවත්වාගෙන යනවා.” – Exclusive

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත් දිනක්ෂි ජීවිතය දකින්නේ කොහොමද..? දිනක්ෂිට ආදරේ දැනෙන්නේ කොහොමද..?
මේ දේවල් ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන අහලා බලන්න අපි දිනක්ෂිට කතා කළා.

මොනවද මේ දවස්වල කරන්නේ..?
මේ දවස්වල ආවා විතරයි ඔස්ට්‍රේලියාවේ ඉදන්.. ෂෝ එකකට ගියා.. මේ දවස්වල රූගත කිරීම් කරනවා. හෙට ඉඳන් ආයෙත් ෂූටින් පටන් ගන්නවා. ඊට අමතරව වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. එකක් පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්…අගෝස්තු 11 පුංචි තියටර් එකේදි බලන්න පුලුවන්… අනිත් එක ආශාවේ වීදිරිය..

කලාකරුවෙක් විදිහට මේ රටේ පවතින දේශපාලන ක්‍රමය ගැන මොකද හිතන්නේ..?
දේශපාලනය ගැන මට ලොකු අත්දැකීමක් නෑ. නමුත් සාමාන්‍ය සිවිල් වැසියෙක් විදිහට දේශපාලනය කියන දේ අතහැරලා දාන්න බෑ.. ඒක රටේ පුරවැසියෙක් විදිහට අපි තැකීමක් කරන්න ඕනේ. ඒත් දැන් යන විදිහත් එක්ක ගත්තම තේරුම් ගන්න බෑ.. වෙන රටකට ගිහින් ආපහු එද්දි තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා.. ඉදිරියේදි මම හිතන්නේ ඡන්දයක් එනවා.. ඒකෙදි අපි අපේ ඡන්ද අයිතිය හරියට පාවිච්චි කරනවා කියන තැනයි මම ඉන්නේ.. ඒකට පිරිහුණු නැති සුදුසු කෙනෙක් තෝරගන්න ඕනේ.. ඒ තැනට මම වැඩ කරනවා. මොකද මම මේ රටට ආදරෙයි.

අද මිනිස්සුන්ට නිදහසක් නෑ.. සල්ලි හොයන්න නොකරන දෙයක් නෑ.. ඒ ගැන ඔබ මොකද හිතන්නේ..?
නිදහසක් නෑ කියන්න බෑ… නිදහස තියෙනවා. නිදහස භුක්ති විදින්න නිදහස් මනසක් තියෙනවාද කියන එකයි ප්‍රශ්නෙ.
මෙහෙමයි කවුරුත් සල්ලි පස්සේ දුවන්නේ ආසාවට නෙවෙයි. නිදහසේ ජීවත් වෙන්න මිනිස්සුන්ට සල්ලි ඕනේ. මිනිස්සු පව්. අපි හැමෝම ආසයි ලස්සනට ජීවත් වෙන්න. අපේ රටේ කොච්චර හම්බකරත් වෙලාවට බදු ගෙව්වත් මිනිස්සුන්ගේ ජීවන තත්වයන්වල සංවර්ධනයක් නෑ… බිල්ඩින් හදන එකවත් පාරවල් හදන එකවත් නෙමෙයි මම දකින සංවර්ධනය. හැම රටකම මිනිස්සු සල්ලි හම්බකරන්න පුදුම වෙහෙසක් දරනවා… අපි විතරක් නෙමෙයි…නමුත් ඒකට සාපේක්ෂව ඔවුන් ගේ ජීවන තත්වයන් වල ගුණාත්මකභව ඉහළයි.

කලාව කියන දේ අද පිරිහිලා ගිහින් කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද..?
කලාව පිරිහිලා ගිහින් කියලා මම හිතන්නේ නෑ.. මම හිතන්නේ මේ සිස්ටම් එක තමයි පිරිහිලා තියෙන්නේ.. කලාව කියන දේ ඇතිවෙන්නේ මිනිස්සුන්ගේ හදවතේ.. ඉතිං මිනිස්සු පිරිහුණත් කලාව ගැන හිතේ තියෙන සිතුවිලි පිරිහෙන්නේ නෑ නේද.. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ කලාව කියන දේ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවයක් නෙමෙයි. මිනිස්සුගේ මූලික අවශ්‍යතා සපුරාගත්තාට පසුවයි කලා නිර්මාණයක් කරන්නත් රසවිදින්නත් මිනිස්සු පෙළඹෙන්නේ. මිනිස්සු ගේ හිත නිදහස් නැතුව නිර්මාණයක් ‍කරන්නවත් රස විදින්න බෑ. අවට තියෙන සමාජයයි පිරිහිලා තියෙන්නෙ. මේ සිස්ටම් එකට වැටුණම කරන්න ඕන දේයි කරන්න එපා දේයි කරන්න වෙනවා.. සමහර දේවල් සල්ලි හින්දා ඒ රැකියාව හෝ කලා නිර්මාණය බාරගෙන කරන්න වෙනවා..

ඔබ නිර්මාණයකට දායක වෙන්න කළින් මොන වගේ දේවල්ද හිතන්නේ..?
මම මුලින්ම බලන්නේ නිර්මාණයේ ගුණාත්මක බව. මොකද මම කාලයක් රංගනයේ නියැලුනා.. මේ වෙද්දි අවුරුදු 10ක් වෙනවා මම රඟපාන්න ඇවිත්.. මුල් කාලේ රඟපෑමට තියෙන ආසාව නිසා හැම නිර්මාණයම බාරඅරගෙන කරනවා.
මේ වෙද්දි මම තෝරලා බේරලා නිර්මාණ කරනවා. ඒ ලැබෙන නිර්මාණය ඇතුලේ මම බලනවා කොයි තරම් දුරට පිටපත හොදයිද, අධ්‍යක්ෂකවරයා කවුද කියන එක. හොද නිර්මාණයක්නම් ඒ අභියෝගය මම බාර අරන් කරනවා.

මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද..?
වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ අම්මට..

අද හුඟක් වෙලාවට ආදරේ කියන්නේ මේ ඇති වෙනවා මේ නැතිවෙනවා වගේ දෙයක්.. ඒ දේ වැඩියෙන්ම දකින්න තියෙන්නේ කලාකරුවන් අතර.. ඒකට හේතුව මොකක්ද..?
කලාකරුවන් අතර දකින්න ලැබෙනවා කියන්නේ ඒක වැඩියෙන්ම අහන්න ලැබෙන නිසානේ.. කලාකරුවන්ගේ ජීවිත ප්‍රේක්ෂකයාට විනිවිදයි. ආදරේ කියන්නේ ඇතිවෙනවා නැතිවෙනවා.. කලාකරුවන්ට විතරක් පොදු දෙයක් නෙවෙයි..
ඒක දැන් සමාජ ක්‍රමයේම තියෙන දෙයක්…
ඉස්සර මිනිස්සු විවිධ හේතු නිසා තමන්ගෙ පවුල ආදර සම්බන්ධතා අසතුටෙන් වුණත් පවත්වාගෙන යනවා… ඒත් දැන් එහෙම ප්‍රවනතාවක් නෑ… මිනිස්සු ජීවත් වෙන කෙටි කාලයේ උපරිමයෙන්ම ජීවිතය සතුටින් විදින්න උත්සහ කළ යුතුයි. ආදරේ කියන දේ ඇති වෙනවා නැතිවෙනවා පවතිනවා.. ඒක කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ශයි.. මට හිතෙන්නේ එහෙමයි..

ජීවිතේ ප්‍රශ්නයකදි, එහෙම නැත්නම් කරදරයකදි ඔබට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කවුද..?
මට මොන කරදරය ආවත් හිතට වදදෙන ප්‍රශ්නයක් ආවත් මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ ජේසුස් වහන්සේ. මම හරි ආදරෙයි ජේසුස් වහන්සේට. මොකද මම දන්නවා මගේ ජීවිත කාලෙටම මගේ ළඟින් ඉන්නවා කියලා.

ජීවිතේ වැරදුණු තැනක් හදාගන්න අවස්ථාව ලැබුණොත් ඔබ හදාගන්නේ කොතනද..?
ඇත්තටම මට හදාගන්න වැරදුනු තැන් නැහැ…

කැමතිද කියන්න ඉහළම අධ්‍යාපන සුදුසුකම..?
ඉහළම අධ්‍යාපන සුදුසුකම…. මම ඇපරල් ප්‍රඩක්ෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් උපාධිය හදාරනවා.. මම ඒක පටන් ගත්තේ 2010 අවුරුද්දේ.. මට තව අවුරුදු එකහමාරයි තියෙන්නේ ඉවර කරන්න.. දැන් මම අවුරුදු තුනක් බ්‍රේක් කරන් හිටියේ.. කලා වැඩකටයුතු නිසා… මම උපාධි අපේෂිකාවක් කිව්වොත් හරි.

කියමුද බලන්න ඉදිරි බලාපොරොත්තු ගැන..?
මම බලාපොරොත්තු පොදි බැදගෙන ඉන්න කෙනෙක් නෙවෙයි..එන විදිහට ජීවිතේට මුහුණ දෙන කෙනෙක් මම..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!