2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කෙරෙනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
දැනට නායකත්වය දරන ලසිත් මාලිංග ඉවත් කිරීමෙන් පසුව මෙම තීරණය ගනු ඇති බවයි ආරංචි පැතිරෙන්නේ.
ක්‍රිකට් පාලනාධිකාරියද මේ වනවිට ලසිත් මාලිංග සමග අමනාපයෙන් පසුවන බව වාර්තා වනවා.
ඒ පසුගියදා පැවැති පළාත් තරගාවලියේදී සම ශූරතාවය දිනූ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළාත් තරගාවලියේ සංවිධාන කටයුතු දුර්වල යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන්.
මාලිංග වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස නම් කළ හැකියි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කර නැත. ඔහුගේ එක්දින සාමාන්‍ය වන්නේ 15.83කි. පන්දුවට පහර දීමේ වේගය 68.84කි.
ලොව සියලු කණ්ඩායම් එක් නායකයෙක් යටතේ ස්ථාවර වෙද්දී අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා නායකයන් වෙනස් වීම කණගාටුවට කරුණක් ලෙසයි ක්‍රිකට් ලෝලීන්ගේ මතය වන්නේ.
