ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා විසින් ගායනා කරන ලද විජිතය ආදරයේ ගීතය යොවුන් ගායක දිමන්ක වෙල්ලාලගේ විසින් ගායනා කිරීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අප ඔබට ඊයේ දිනයේ වාර්තා කළා.
මේ පිළිබඳව ප්‍රින්ස්ගේ සොයුරිය කියා තිබුණේ “දිමංක, අයියගේ සින්දුව කියලා හම්බ කරපු එක රුපියලක්වත් අයියට බෙහෙත් ගන්න කියලවත් දුන්නේ නැහැ” යනුවෙන්.
අපි මේ කතාව මොකද්ද කියලා අහන්න දිමන්ක වෙල්ලාලගේ දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා. ඔහු වෙබ් ගොසිප් වෙත කියා සිටියේ “ඒවා හදවතින් කරපු දේවල් මනුස්සකම නිසා කරපු දේවල්…ඒ නිසා ඕවා කතා කරන්න ඕනේ නෑ”.. යනුවෙනුයි.
