කාන්තාවකගේ අතුරුදහන් වඋ සිය මංගල මුදුව සිය දරුවාගේ උදරය තිබී සොයා ගැනීමය හැකි වී තිබෙනවා.
දියමන්තියක් අල්ලා ඇති මෙම මංගල මුදුව අමෙරිකාවේ මාස 14 ක් වයසැති ඇයගේ දරුවාගේ උදරයේ තිබෙන බව X-ray තාක්ෂණයෙන් මෙසේ සොයා ගැනීමටම හැකි වි ඇත.
මෙම මුදුව එම දරුවාගේ බඩවැලක රැඳී තිබෙන බව අදාළ වෛද්‍යවරුන් X-ray මගින් සනාථ කර ඇත්තේ පැය අටක කාලයක් තුළ කරන ලද පරීක්ෂණයකින් අනතුරුව බවද එම වාර්තාව සඳහන් කරනවා.
වෛද්‍යවරුන් දරුවා රෝහලෙන් යවමින් දෙමාපියන් දැනුවත් කර ඇත්තේ සති දෙකක කාලයක් ඇතුළත ස්වභාවික අන්දමින් මුදුව පිටවීමට ඉඩ ඇති බවත් එම කාලය ඇතුළත එය සිදු නොවුනහොත් පමණක් ශල්‍යකර්මයක් මගින් එම මුදුව ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.