පාකිස්ථානය සමග ඊයේ පැවැත්වුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමග සමස්ත තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
මෙම තරගයේදී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පිළිබඳව බොහෝ දෙනෙක් කතාවෙන්න පටන් ගත්තා.
ඒ ප්‍රබල පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙස කඩුල්ලේ රැදී සිටිමින් ලබාගත් ලකුණු 133 ක් නිසා.
සිය එක්දින දිවියේ දෙවන එක්දින ශතකය වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක වාර්තා පොත් අතරට එකතු වුණේ විදෙස් රටකදී වසර දෙකකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් පළමු ශතකය ලෙසයි.
මෙම ශතකයත් සමග පාකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුල ශතකයක් රැස් කළ ක්‍රීඩකයන්ගේ නාමාලවලියටද එක්වීමට ධනුෂ්ක ගුණතිලකට හැකිවුණා.
