ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ හරිහමන් කෑමක් බීමක්ද නොමැතිව අසරණව සිටි වියට්නාම ජාතික කතකට පිහිටක් වන්නට එහි නිලධාරීන් සමත්වී තිබෙනවා. ඇයට වියට්නාම භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් ලිවීමේ හෝ කතාකිරීමේ හැකියාව නොමැතිව සිට ඇති අතර ඒ හේතුවෙන් ඇයගේ උදව්වට තිබී ඇත්තේ ගූගල් ට්‍රාන්ස්ලේට් පමණයි.
ඒ මඟින් ඇය හා ගණුදෙනු කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයට පිහිට වූ අයුුරු පිළිබඳව එහි සිටි නිලධාරීයෙක් ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණේ මේ අයුරින්….
අද උදැසන ආගමන පරිශ්‍රයේ හඩමින් සිටි මෙම වියට්නාම් කාන්තාව අපට හමුවිය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරිමට කිසිවෙක් නොවිය. ප්‍රධාන ආගමන නිලධාරි යාපා මහතාත් මාත් දන්නා තරම් භාෂාවලින් කථාකලත් පලක් නොවිය. අවසානයේ එක් විසදුමක් ලැබුනි. ඒ ඇය සතුව තිබු ජංගම දුරකථනයයි. මගේ දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කල යුතු දේ පෙන්වුයෙමි. ඇයද වහා ක්‍රියාත්මක වි වියට් බාෂාවෙන් ඉංග්‍රිසිය ට පරිවර්තනය කර පෙන්විමටසමත් විය. ඒඅනුව දින දෙකක් කැමක් නැතිව වතුර පමනක් බි සිටින බවත් මිලග ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිලිවෙල නොදන්නා බවත් උදව් කරන ලෙසත් ඉල්ලා සිිටියා. කැමට යමක් ලබාදිමට යාපා මහතා වහාමක්රියා කර අදාල ගුවන් සමාගම් වලට ද කථාකර සියල්ල විසදිමට හා පරිවර්තකය මගින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් අපට හැකිවුනා. මෙය අපගේ රාජකාරි වල මෙහි සටහනක් තැබිමට තරම් නොවන අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ අපට ස්තුති කර ඇය දුරකථනයේ තැබු සටහන සංවේදි එකක්
Thank you finally god led me to the humans.
වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වුයේ එසේය.දෙවියන් විමට බැරි අපට මනුෂ්‍යයන් විමට හැකිව්ම අතිශය සතුටක්
