Gossip

කොරෝනා යැයි සැක 204 ක් දිවයින පුරා

කොරෝනා වෛරසය (Covid 19) අසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයි 204ක් මේ වනවිට දිවයිනේ රෝහල් 17ක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ වයිරසය පිළිබඳ සැක සහිත පුද්ගලයින් 72 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටින අතර ඉන් 71 දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් වේ.

කරාපිටිය ශික්ෂ රෝහලේ පුද්ගලයින් 15 දෙනකු සිටින අතර ලාංකික පුද්ගලයින්13 ක් සහ විදේශිකයින් 2 දෙනකු සිටියි.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 13 දෙනකු ඇතුලත් කර සිටින අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 14 දෙනකු ඇතුළත් කර සිටියි.

කොළඹ ජාතික රෝහලේ පුද්ගලයින් 19 දෙනකු සිටින අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත.

පොළොන්නරුව මහ රෝහලට සැක සහිත පුද්ගලයින් 19දෙනකු ඇතුළත් කර තිබෙන අතර රත්නපුර ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 12 දෙනකු වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!