Gossip

මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මියගොස් ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

ඇය ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (22) රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමෙන් පසු මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (23) දිනයේ ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කුවේට් සිට පැමිණි දෙදෙනෙකු, චෙන්නාහි සිට පැමිණි දෙදෙනෙකු, අමෙරිකාවේ සිට පැමිණි එක් අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!