තරු හුට පට

චීනය අලි අමාරුවක – කැනඩාවෙන් බෝතල් කළ වාතය මිලදී ගනියි

30

චීනය කැනඩාවෙන් බෝතල් කළ පිරිසිදු වාතය මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. පසුගියදා වාර්තා වූයේ චීනය එම කටයුත්තට සුදානම් බවයි.

ඒ අනූව එය යතාර්ථයක් කරමින් චීනය කැන‍ඩාවෙන් බෝතල් කළ පිරිසිදු වාතය මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර පිරිසිදු වාතය පිරවූ බෝතලයක මිල චීනයේ පිරිසිදු වතුර බෝතලයක් මිල හා දහ ගුණයක් වැඩි බව පැවසෙනවා.

චීනයේ බීජිං අගනුවර ලෝකයේ වැඩිම වායු දූෂණයක් සහිත නගරය ලෙස විද්‍යාඥයින් හඳුන්වනවා. මේ හේතුවෙන් පසුගිය කාලය පුරාම බිජං නගරවාසීන් දැඩි අපහසුතාවට පත්වූ අතර එරට මාධ්‍ය මගින් ද මේ පිළිබඳව දැඩි ලෙස වාර්තා කර තිබුණා.

විශේෂයෙන්ම කාර්මික දියුණුවත් සමග පරිසර දූෂණය ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති අතර බීජිං නගරවාසීන්ට හුස්ම ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

මීට විසඳුමක් ලෙස චීන බලධාරීන් කැනඩාවේ වයිටලි එයාර් නමැති පිරිසිදු වාතය සැපයීමේ සමාගමින් වාතය මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. වයිටලි එයාර් සමාගම සඳහන්කර ඇත්තේ, පිරිසිදු වායු බෝතල් දහසකට වැඩි ප්‍රමාණයක චීනයට යැවීමට සූදානම්කර ඇති බවයි.

එම සමාගම පිරිසිදු වාතය ලබාගන්නේ කැනඩාවේ කඳුකර වනාන්තර ආශ්‍රිතව බවද විදෙස් වාර්තා පවසනවා. පිරිසිදු ජලය බෝතල්කර අලෙවිකරන අයුරින් වාතය ද මේ අනූව අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

5 1 2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!