තරු හුට පට

රූ රැජිණට ISISගෙන් තර්ජන – මම බය නෑ රූ රැජිණ කියයි

1972 වසරට පසු එනම් අවුරුදු 43ට පසුව ප්‍රථම වරට ඉරාකයේ පැවති රූ රැජිණ තරඟයෙන් ජය ගත් ෂියාමා කසීම්ට ISIS ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ලවී තිබෙනවා.
ISIS ත්‍රස්තයින් ඇයට දුරකථන ඇමතුම් දෙමින් අවධාරණය කර ඇත්තේ එම  සංවිධානයට බැ‍‍දෙන ලෙසත් එසේ නොවුණහොත් පැහැරගෙන යන බවයි.

ඉරාකයේ, බැග්ඩෑඩ් හි රූ රැජිණ තේරීමේ තරඟය පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. එහිදී 20 හැවිරිදි ෂියාමා කසීම් ඉරාක රූ රැජිණ‍ ලෙස කිරුළු පැළඳීමට සමත් වුවාය.

කෙ‍සේ වෙතත් ඇය පවසන්නේ තමන් ISIS ත්‍රස්තයින්ගේ තර්ජනයට බිය නොවි ඉදිරියටම යන බවයි. තමන් පුරුෂයින්ට මෙන්ම කාන්තාවන්ටද සමාන  අයිතිවාසිකම් ඇති බව පෙන්වීමට බිය නොවන බවද ඇය අවධාරණය කර තිබෙනවා.

මෙම තරඟාවලිය සංවිධානය කළ සෙනාන් කමෙල් ඉරාකයේ පැවති ප්‍රථම විලාසිතා දැක්ම ඉදිරිපත් කළ තැනැත්තාය. එම තරඟාවලිය ඉරාකයේ සමාජයට ගැලපෙන පරිදි නීතීරීති වලට යටත්ව සිදුකළ බව ඔහු පවසා තිබෙනවා.

එසේම ISIS ත්‍රස්තයන් බටහිර ඇමරිකානුවන්ගේ රූකඩ බවත්, කිසිදු ආගමක් මි‍ලේඡ්ච හැසිරීම් අනුමත නොකරන බවත්, ඔහු පවසා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. ISIS යනු ඉස්ලාම් ආගම නොවන බවත් ඉරාක රූ රැජිණ ISIS ත්‍රස්තවාදී නායක අබු බකාර්ගේ ලිංගික වහලියක ලෙස තබා ගැනීමේ උවමානව ඔවුන්ට ඇති බවත්, ඔහු පවසා තිබෙනවා.

 

01 02  04 0503 06 07 08 09 10 11 12 13 14

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!