තරු හුට පට

ඉතිරි රු. 2ක ඉල්ලුවාට නිර්මාල්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දාලාලු

20

තමන් මිලදී ගත් ටෙලිපෝන් සහ ඉන්‍ටර්නේට් කාඩ්වල ඉතිරිය වන රුපියල් 2ක යළි ඉල්ලූ නිසා වෙළඳසැල් හිමියෙකු තමාගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමූ බව ප්‍රවීණ සරසවි ආචාර්යවරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් අනාවරණය කර තිබෙනවා.

ඔහු එම සටහන මගින් තමන් මුහුණදුන් සිද්ධිය විස්තර කර ඇති අතර මේ ගැන මහරගම පොලීසියේ පැමිණිල්ලක් දැමූ බවද එහි සඳහන් කර තිබෙනවා.

නිර්මාල් රංජිත් දේවසිරි මහතා තමන් මුහුණදුන් එම සිදුවීම විස්තර කර තිබුණේ පහත පරිදිය.

අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.

10

2 Comments

2 Comments

  1. modaya

    December 25, 2015 at 4:59 am

    අපි ප්‍රශ්න තේරුම් ගැනීමේත් වැරදි තියනවා. සාමාන්‍යයෙන් කඩයක් කරන්නේ ස්වයන්රකියාවක් විදියට. ස්වයන්රකියාවක් කරන්නෙකු සහ ආයතනයක් රැකියාවක් කරන්නෙකු අතර ලොකු වෙනසක් තියනවා. ස්වයන් රැකියාවක් කරන කෙනෙකුට කිසිම ආරක්ෂාවක් නැහැ. දිනපතා අදායමක් ලබා ගැනීමට වැඩි දෙයක් ගැන හිතන්න වත් හැකියාවක් නැහැ. අසනීපයක් වුවහොත් කිසිම අදායමක් නැහැ. හොඳ පුරවැසියෙක් ගෙන් බලාපොරොත්තු වන ගේ ස්වයන් රැකියාලාබියෙක් ගෙන් බල පොරොත්තු වෙන්න බැහැ. නිතර කතා කරන සමාජයේ සාරදර්ම බිඳවැටීමට ප්‍රදාන හේතුවක් මේක. ගුණදර්ම, වගකීම, ප්‍රමිතිය පරිසරය සුරැකීම වගේ දේවල් ඔහුට අදාල නැහැ. ත්‍රිරෝද රථ රියදුරෙක්ගෙන් මර්ගනීතී අනුගමනය බලාපොරොත්තු වෙන්න අමරුය්.

    ආර්ථික වශයෙන් ඉතා පහත් තත්වයෙන් ඇති රටකට ස්වයන් රැකියාව හොඳ උපක්ක්‍රමයක්. නමුත් දියුනු රටක ආර්ථිකයෙන් ලොකු ප්‍රතිශතයක් ස්වයන් රැකියා මත පදනම් වීම හොඳ දෙයක් නොවේ. වඩාත් භයානක තත්වය වන්නේ ස්වයන්රැකියා පදනම්කරගත් ආර්ථිකයක අද්‍යාපනය පිරිහීම නියත වශයෙන්ම සිදුවෙන බැවිනි. ස්වයන්රැකියා වෙනුවට ආයතන බිහිකිරීම අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇත.

    කෙසේ වුවත් දේවසුරේන්ද්‍ර මහතාට සිදුවූ දෙය ගැන සතුටු විය නොහැක. නමුත් ඔහුගේ පැත්තෙන් ප්‍රයෝගිකව ක්‍රියාකර නැති බව පෙනේ. ප්‍රශ්නයට වගකිය යුත්තා කඩ කාරයා නොව රටේ ආර්ථිකය හසුරුවන දේශපාලකයන් නිසාය.

    • Ej

      September 19, 2016 at 10:37 am

      කාඩ් එකකින් උට ලැබෙන්නේ රු 2/=ක් වගේ ගානක් උ්ගේ කඩකුලී ලයිට් බිල් ඔවා ගෙවලා බලන කොට ඌට ඇති ලාබයක් කාඩ් වලින් නෑ ලක්ෂ ගනන් පඩි ගන්න ඔය මහත්තයා රු 2ක ඉල්ලලා ඒ මනුස්සයාව පොලිස්සි ගෙන ගිය එක එක අතකින් ඔබ තුමාගේ මහත්මා ගතියට හොද මදි (හිගන්නෝත රු1. 2 ගන්නේ නැති කාලේක ) කඩ වල අපි බඩු ගන්නො කොට දෙන සොපින් වලට යන මුදල් වලට සල්ලි ගන්නේ නැත්නම් 51/= 91/= වගේ ගනන් එන කොට 50/= 90/= වගේ නම් ගන්නේ ඌට රු1 ක් 2ක් වැඩි පුර දුන්නා කියලා ඔබ තුමා දුප්පත් වෙන එකක් නෑ මං හිතන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!