චීනය කියන්නේ මේ වන විට පරිසරයේ ඇති වාතය ඉතාමත් ඉකමනින් දුෂණයට ලක්වෙමින් පවතින රටක්නේ.
ඒ කියන්නේ චීනයේ පවතිව වාතය එසේත් නැතිනම් ඔක්සිජන් වෙනත් රටවල් වලට වඩා දුෂණය වෙලා තියෙන්නේ.
ඔන්න ඕකට කැනෙඩියාවේ ඉන්න පුද්ගලයින් පිරිසක් අපූරු වැඩක් කරලා තියෙනවා.
ඒ මොකක්ද දන්නවාද කැනඩාවේ උද්‍යාන ආශ්‍රීතයෙන් ලබා ගන්නා පිරිසිදු වාතය එහෙම නැතිනම් ඔක්සිජන් පැකට් කරලා චීන ජනතාවට විකුණන ව්‍යාපාරයක් පසුගිය කාලයේ ඉඳලා පටන් අරගෙන.
බලන්නකෝ ඉතින් එකෙත් වැඩේ කොහොමද කියලා. ඔන්සිජන් විකුණන්ත් දැන් පටන් අරගෙන. ඒකෙන්ම තේරෙනවානේ සීඝ්‍රෙයන් ලෝකය දුෂණය වෙමින් පවතිනවා කියලා.
හැබැයි මේ පිරිසිදු වාතය පැකට් කරලා විකුණන අය මුලින්ම නිකන් විහිලුවට වගේ තමයි කියලා තියෙන්නේ.
කොහොම හරි මේ විහිළුව හැමතැනම ප්‍රසිද්ධ වෙලා. මේ වැඩේ එයාලාට ඇත්තටම පටන් ගන්න සිද්ධ වෙලා.
කොහොම හරි වාතය පිරවූ පළමු ඇසරුම් 500 තවත් දින හතරකින් කැනඩාවෙන් චීනයට අපනායනය කරන්න සියල්ල සුදානම් කරලා තියෙනවා.