ඔබාමා ෆ්රයිඩ් චිකන්.
ඒ චීනයේ ආපනශාලාවක නමක්. මෙය ඔ.එෆ්.සි සංකේතයෙන් ඔවුන් හඳුන්වනවා.
මෙයින් චීනය පෙන්වීමට උත්සාහ කරන්නේ ඔවුන් විනෝදකාමී මිනිසුන් බවයි.
මේ සංකේතය කේ.එෆ්.සී ලෝගෝ එකට සමානයි.
මේ සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාගේ රුවද මෙහි ඇතුලත් වෙනවා.
නමුත් මෙහි යටි අරුත විදියට සමහරුන් කියලා තියෙන්නේ ඇමරිකානු චිකන් අපනයනය සඳහා චීනයේ ඇති තිරු බදු ගැටළුව යන්න බවයි.
මීට පෙර අවස්ථාවකදීද ඔබාමා ව කේ.එෆ්.සී ආයතනයේම සැන්ඩ්විච් වෙළඳ ප්රචාරණයක් සඳහා හොන්-කොන්ග් වලදීත් භාවිතා කොට තිබෙනවා.
හැබැයි මේවා සංවිධානය වෙන්නේ ඔහුගේ ප්රතිරූපයට හානියක් වෙන්නැති විදියට කියලා තමයි ඔවුන් පවසන්නේ.
