ස්විස්ටර්ලන්තයේ ලෝසාන් නගරය ආසන්නයේ ඇති හොටෙල් ඩි විලේ හෝටලයේ වසර ගණනාවක් ප්රධාන සුපවේදි මහතා ලෙස කටයුතු කළ 44 හැවිරිදි බෙනොයිට් වියොලියර් ලෝකයේ හොඳම සුපවේදියා ලෙස තේරී පත් වුණේ ලෝකයේ හෝටල් 1,000ක් අතර පැවැත්වු තරඟයක් මඟිනි.
ඒ කොහොම මේ කියන්න යන්නේ ටිකක් දුක්බර කතාවක්.
දෙසැම්බර් මාසයේ එසේ ලෝකයේ හොඳම සුපවේදියා ලෙස පත්වූ ඔහු පසුගියදා මරණයට පත් වුණා.
ඒ ප්රංශයේ පැවති උත්සවයකට සහභාගී වෙන්න ගිය ඔහු මියගොස් තිබුණේ ප්රංශ හෝටලයකදී.
හැබැයි ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ප්රංශ පොලිසිය කියනවා. ඒකට හේතුවනම් මෙතෙක් සොයාගෙන නම් නෑ.
ඔහු ඉතා දක්ෂ සුපවේදියකු ලෙස හෝටල් ක්ෂේත්රය පුරා ප්රසිද්ධ වෙලා හිටියා.