කලා ලෝකයේ පුවත් මවන ජනප්‍රිය චරිත අතර චතුරිකා පීරිස් කියන්නෙ ඉදිරියෙන්ම සිටින තරුවක්. ඇතැම් අවස්ථාල චතුරිකාගේ කලා දිවියේ තොරතුරුවලටත් වඩා ඇයගේ පෞද්ගලික දිවියේ තොරතුරුවලට රසිකයන්ගේ අවධානය වැඩිවූනා. මොනව කොහොම සිද්ධ වුණත් ඇය බොහෝම නිසංසලේ ඇගේ ගමන යනවා. පසුගියදා සිය ජීවිතයේ උතුම් පදවියෙන් ඇය පිදුම් ලැබුවා.
අම්ම කෙනෙක් වුණාට පස්සෙ තවම රංගන කටයුතුවලට ගියේ නැද්ද?
මම ඇත්තටම ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තෙ බබා ඉපදිලා දවස් 17 න්. මොකද දරුවා ලැබුණ කාලයේම මම කලින් වැඩ කරපු ටෙලි නාට්‍යයක ඉතිරි කොටස් රූගත කිරීම ආරම්භ වුණා.
ඒ නිසා මට ඒකට යන්න සිදු වුණා. ඊට පස්සෙ නම් මම ලොකුවට වැඩවලට ගියේ නැහැ. මම ආයෙත් වැඩ භාර අරගෙන තියෙන්නෙ මැයි මාසෙන් පස්සෙ කෙරෙන නිර්මාණවල.
දැන් ඉස්සර වගේ කාර්යබහුල වෙන්න අපහසුයි ද?
මම රංගන කටයුතුවලින් කවදත් කාර්යබහුල වෙලා ගොඩක් වැඩ කරන්නෙ නැහැ. ඒත් මගේ වෙනත් වැඩ නිසා මම කාර්බහුලයි.
ඇයි ඔබේ ප්‍රධාන කාර්ය රංගනය පැත්තකින් තියල වෙනත් වැඩවලට යොමුවෙලා ඉන්නෙ?
අනිත් වැඩවලට ගියහම සවස් වෙත්දි ගෙදර එන්න පුළුවන්. හැබැයි ෂූටිංවලට ගියහම සමහර වෙලාවට රෑ වෙනතුරු එතැනින් එන්න අපහසුයි. ඒ නිසා මම දැන් වැඩ භාරගන්නෙම ටිකක් නම්‍යශීලි වෙලා කටයුතු කරන්න හැකි අය එක්කයි. මොකද දිර්ඝ වෙලාවක් මට බබාගෙන් දුරස් වෙලා ඉන්න අපහසුයි.
වෘත්තීය වැඩ නිසා දරුවගේ වැඩකටයුතු ඉටු කරන්න කාලය හොයාගන්නෙ කොහොම ද?
සියයට අනූවක් විතර මම තමයි දරුවගේ වැඩ කරන්නෙ. ගයාන්ගෙ අම්මා අපිත් එක්ක ඉන්නවා. තව උදව්වට කෙනෙකුත් ඉන්නවා. ඒත් දරුවගේ කෑම ටිකේ ඉඳන්ම හැම දෙයක්ම සූදානම් කරලයි මම ගෙදරින් යන්නේ
චතුරිකා අම්ම කෙනෙක් වුණාට පස්සෙ ජීවිතය වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තද?
ඒක හරිම සුන්දර අත්දැකීමක්. වෙනත් රැකියාවක් කරන කාන්තාවකට දරුවෙක් ලැබිලා නිවාඩු ලැබෙන්නේ මාස තුනයිනේ. මම කල්පනා කරනවා ඒ අම්ම එච්චර ඉක්මනට දරුවා ගෙදර තියලා වැඩට යන්න හිත හදාගන්නෙ කොහොමද කියල. මොකද දරුවෙක් ලැබුණට පස්සෙ අපි දරුවත් ඒක්ක ඇතිවන බැඳීම මේ යැයි කියන්න බැහැ. දැනටත් මම මොකක් හරි වැඩකට යන්න වුණහම දෙතුන් වතාවක් හිතනවා.
දැන් හැම තීරණයක්ම ගන්නෙ දරුවා ගැන හිතලද?
මේ වෙලාවෙ අපිට තියෙන වටිනාම වස්තුව. එයාව අමතක කරල අපිට කිසිම තීරණයක් ගන්න බැහැනේ.
දුවගේ අනාගතය ගැන තියෙන හීන මොනවද?
මට ලැබුණ සහ මට ලැබුණෙ නැති සැප සම්පතුත් දුවට දීලා දුවට හොඳට උගන්වලා, අපේ රටට ජාතියට බරක් නැති නැති කෙනෙක් කරන්නයි අවශ්‍යය.
දුවට නම් තියන්න හවුල් වුණේ කවුරුන්ද?
දුවගෙ නම ආරාධනා හංසද්ධ්වනි වික්‍රමතිලක. ආරාධනා කියන නම දැම්මෙ ගයාන්. ඒක අමුතු හැඟීමක් ඇති නමක්. ඒ නම මැදට වෙන නමක් දාන්නෙ නැහැ කියල හිතාගෙන හිටියෙ. ඔය අතරෙ මගේ නංගිගෙ සැමියා වන පේෂල මනෝජ් තමයි හංසද්ධ්වනි කියන නම යෝජනා කරල තියෙන්නෙ. මේක සංගීතයේ එන හංස කියන රාගයේ ඒ කියන්නෙ හංසනාදය කියන අදහසයි එන්නෙ.
