2017 උසස් පෙළ අධ්‍යාපන හදාරන සිසුන් 1,75,000 ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
එම වැබ් පරිගණක සඳහා වයිෆයි පහසුකම් ලබාදෙන ලෙස දුරකථන සමාගම්වලට ආරාධනා කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අවුරුදු 5 සිට 19 මිලියන 4.5කට සෑම දරුවෙකුටම ලක්ෂ 2ක වටිනාකමින් යුතු රක්ෂණ ආවරණයක් ලබාදීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී බාහිර හා නේවාසික ප්‍රතිකාර ආවරණය කරන අතර බාහිර ප්‍රතිකාර සඳහා රු.10,000ක් අභ්‍යන්තර ප්‍රතිකාර සඳහා රු. ලක්ෂය දක්වාද එමගින් ආවරණය වන බව ඔහු පෙන්වා දුන්නේය.