තායිලන්තයේ වට් ප්‍රා ධම්මකාය පන්සලේ මෑත කාලයේ පවත්වන්නට යෙදුණ ලෝකයේ විශාලතම දානමය පින්කමක් සිද්ධ කෙරෙනවා.
ඒ සඳහා ආරාධනා ලැබ ඇති භික්ෂූන් ගණන ලක්ෂයක් බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
තායි අගනුවර වන බැංකොක්හි සිට සැතපුම් 30 ක් පමණ දුරින් පිහිටි මෙම පන්සල ධම්මකාය නමැති විවාදයට තුඩුදුන් නිකායකට සම්බන්ධ බවටද වාර්තා පළවන අතර පසුගිය වර්ෂ ගණනාවක පටන් එහි සිද්ධවන දුෂණ චෝදනා දිගින්දිගටම එම පන්සල් පරිපාලනය ප්‍රතික්ෂේප කර තිබුණ බවද කියැවුණා.
එරට ප්‍රබල දේශපාලකයෙකු ප්‍රධාන දායකයෙකු ලෙස ක්‍රියාකරන එම පන්සල කාලයක් තිස්සේ ප්රකටව පවතින්නේ පිටසක්වල සමග සබඳතා පවත්වන අද්භූත විහාරස්ථානයක් පරිද්දෙනි. කෙසේ වෙතත් මෙම දානමය පින්කමට දසතින් භික්ෂූන් වහන්සේලා වඩින බවත් වාර්තා වුණා.
