හොලිවුඩ්

මගීන් 159 දෙනෙකු සමඟ british airways ගුවන් යානයක් ගිනිගනී (වීඩියෝ)

බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමට අයත් බෝයිං වර්ගයේ ගුවන් යානය අමෙරිකාවේ ලාස් වේගාස් ගුවන්තොටුපොළේදී ගිනි ගැනීමකට ලක් විය

බෝයිං 777 වර්ගයේ අදාළ ගුවන් යානය ගන්නා අයුරු දැක්වෙන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ.

එරට වේලාවෙන් පස්වරු 4ට පමණ ගින්න හටගෙන ඇති අතර බලධාරීන් පවසන්නේ, යානයේ එන්ජිමේ දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බව ය.

අනතුර සිදු වන අවස්ථාවේ යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 13 දෙනෙක් සහ මගීන් 159ක් ගුවන් ගමන සඳහා සූදානම් ව සිට තිබේ.

ගින්නත් සමග ඝන කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එහිදී වහාම යානයේ එන්ජිම ක්‍රියාවිරහිත කිරීමට නියමුවා පියවර ගෙන තිබේ.

අනතුර වාර්තා වීමත් සමග මගීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට යානයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අනතුරින් යානයේ සිටි මගීන් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.

 

2 1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!