හමුදා නිල ඇදුමට අපි කවුරුත් ගරු කරනවා.
ඒ අපේ ජිවිත වෙනුවෙන් රණවිරුවා කළ අමිල මෙහෙවර නිසා.
අදටත් අපේ රටට කරදරයක් ව්‍යසනයක් වුණු හැමතැනදිම පෙරමුණ ගන්නේ ඒ උතුම් මිනිස්සුයි.
ඒ නිසාම රණවිරුවාට කොතනකදි හරි වරදක් වුණොත් ඒ පිටුපස හිටගන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ.
පසුගියදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය ගැන සමාජයේ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
එම සිදුවීම සිදුවන අවස්ථාවේ බිගේඩියර්වරයා පවසා තිබුණේ විරෝධතාකරුවන් පවසන පරිදි උතුරේ මිනිස් ඝාතන සිදු නොවූ බවත් ඒ පිළිබඳව පෙන්වීමට ඔහු සමඟින් උතුරේ සංචාරයකට හො පැමිණෙන ලෙසයි.
ඇයි ඔයාලා උතුරේ දෙමළ මිනිස්සු ඉන්න තැන්වලට සිංහල මිනිස්සු ගිහින් දාන්නේ ?
එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයා දැක්කද ? එන්න යන්න යාපනයට ගිහින් පෙන්නවන්න. ඒ මිනිස්සු කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා.
ඇයි ඔයාලා තමිල්නාඩුවේ දෙමළ ධීවරයෝ 500කට වෙඩි තිබ්බේ ?
ඔයාලා මේ කියන හැමැදේම බොරු තොරතුරු එක්ක කතා කරන්නේ. ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ. මේ මිනිස්සු කියන බොරු කතා අහලා බොරු දේවල් විශ්වාස කරන්න එපා.
එම අවස්ථාවක දැක්වෙන වීඩියෝව පහතින්..
