ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සිය පියයුරු වලින් පහර දීමේ චෝදනා මත හොංකොං අධිකරණයක් විසින් කාන්තාවක බන්ධනාගාර ගත කිරීමට එරෙහිව පුරුෂයන් සහ කාන්තාවන් පිරිසක් තනපටවලින් සැරසී හොංකොං නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
පොලිස් නිලධාරියාට එරෙහිව සිය පියයුරු ආයුධයක් ලෙස භාවිතා කිරමින් ඔහුගේ වෘත්තීය ප්‍රතිරූපයට හානි කිරීමේ වරදට ඇයට දින පහළොවක සිර දඬුවමක්ද අධිකරණය විසින් නියම කර ඇත.
දඬුවමට යටත් වූ කාන්තාව කියා සිටියේ විරෝධතාවේ යෙදී සිටියදී ඇතිවූ ගැටුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් සිය බෑගයෙන් ඇල්ලීමට තැත් කරන අවස්ථාවේ සිය පියයුරු ඇල්ලූ බවයි.
දෙසීයකට අධික විරෝධතා කරුවන් පිරිසක් හොංකොං පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නියැලුණු අතර පියයුරු සංකේතවත් කරමින් විරෝධතා කරුවන් තනපට වලින් සැරසී තිබෙනවා.