බ්රසීලයේ බොක්සිං ශූරියක් වූ විවියන් ඔබේනාට් ස්විට්සර්ලන්තයේ ඉන්ටර්ලාකන් අවන්හලකදී සිය සැමියාව මරා දමා ඇත.
එහෙත් ඇයව ලන්ඩන් නුවරදී අත්අඩංගුට ගෙන තිබේ. ඉතා ඉක්මනින් කෝපයට පත් වන තැනැත්තියක් ලෙස හඳුන්වනු ලැබූ විවියන් මෙම සිද්ධියෙන් පසු අතුරුදන් වී ඇත.
ස්විස් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ ඇය සැමියාට මාරාන්තික පහරවල් කීපයක් එල්ල කර ඇති බවයි.
එම බොක්සිං ශූරිය ඔහු සමග විවාහ වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය.