බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ ඊයේ (21) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.
අද (23) දිනයේ ද බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරී
මට නියමිතය.
මේ අතර අද උදෑසන ‘දෙරණ අරුණ‘සමග එක්වෙමින් යුද හමුදා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, සියලු ධීවර වරායන්වලින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පැවතිය හැකි බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
“පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට දිවයිනේ විවිධ වරායන්වලින් මාළු රැගෙන එනවා. ඒකයි මේකෙ තියෙන සුවිශේෂීත්වය. විශේෂයෙන් බේරුවලින් සහ තංගල්ල ප්‍රදේශවලින් මාළු ලොරි මේ ස්ථානයට රැගෙන එනවා. මාළු අරන් පිටව යනවා. එසේ ගිය අය තවමත් මඟ හැරී සිටිනවා නම් වහාම පීසීආර් පරීක්ෂණයක් කර ගන්න. නැත්නම් වහාම ස්වයං නිරෝධායනයට ලක්වෙන්න. බොහෝ දුරට මේ තත්ත්වය නිසා බේරුවල ප්‍රදේශයෙනුත් ඉදිරි කාලයේ දී මේ ස්ථානයට ආපු ගොඩක් අය ඉන්නවා හැකියාවක් තියෙනවා ඒ නිසා බේරුවල ප්‍රදේශයෙනුත් ආසාදිතයින් හමුවීමට. ඒ නිසා බේරුවල වරාය හා සම්බන්ධ වෙන අයත් ඉතාම පරිස්සම් වෙන්න කියන එක කාරුණිකව ඉල්ලා සිටිනවා….“
“සියලු මාළු වරායන්වල මේ තත්ත්වය ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මාළු වෙළෙඳාමේ ඉන්න අය සිටිනවා නම් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඉන්නවා නම් ඔබට ඔහුව සම්බන්ධ කර ගන්න දන්නේ නැත්නම් ඕනේම ප්‍රදේශයක ඉන්නවා ග්‍රාමසේවකවරයෙක්. ලංකාවේම 14000කට අධික පිරිසක් ඉන්නවා. ඔහුව සම්බන්ධ කර ගෙන ඔහුට කෝල් එකක් දීලා හැකි ඉක්මනින් මේ දේ කිරීම වැදගත් වෙනවා. එතෙක් ඔබගේ සංසරණය හැකිතාක් අඩුකරන්න. ඔබගේ රැකියාව වුවත් ඔබ යම් අවධානමක ඉන්නවා කියලා හිතෙනවා නම් වහාම මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ මේ ආකාරයෙන්.“
