කන්න බොන්න අඳින්න නැතිවෙනකොට තමන් වදාපු දරුවන් සළකන්නේ නැති වුණාම වැටිලා ඉන්න හරි තැනක් නැතිවෙනකොට මිනිස්සු මහමගට වැටෙනවා. ඊටපස්සේ මගතොට බස්වල හිඟාකන්න සිදුවෙනවා.
අද යාචකයා ගැන ගොඩක් දෙනෙක් දකින්නේ වෙනස් විදියට. ඒ මේක දැන් එක්තරා විදියක බිස්නස් එකක් කරගෙන නිසා.
ඒත් එහෙම කරන අය අතර කලින් කිව්ව දේවල් නිසා ඇත්තටම අසරණ වෙච්ච අයත් ඇති.
අපිට හමුවුණා එහෙම යාචකයෙක්. ඒ වගේම තමයි මෙයාට අපූරු චිත්ර ඇඳීමේ හැකියාවක් තියෙනවා.
මේ පුද්ගලයා පාරේ තියෙන බැම්මක චිත්ර අඳිනවා.
ඉතින් මේ චිත්රය දකින් හැමෝම මේ පුද්ගලයාගේ මේ අපූරු හැකියාව අගය කරනවා.
මේ එහි ඡායාරූප කිහිපයක්.
