මේ ලෝකේ සතුටින් සිටින්නට හැකිනම් ලෙඩරෝග අඩුවන බව ප්‍රවිණ විකට නළුවකු වන බන්දු සමරසිංහ රංඟන ශිල්පියා පවසනවා.ඊරිෂියාව, කුහකකම, අභිමානය, මාන්නය මඟින් මිනිසුන් රෝගී කරන බව බන්දුගේ මතයයි.
බන්දු සමරසිංහ මේ බව කියා සිටියේ වෛද්‍ය සායනයකදියි. එම වෛද්‍ය සායනයේදී මොහු කාගෙත් සිත්ගන්නා සුළු දේශනයක් කරමින් වැඩිදුරටත් අදහස් පළ කළා.
බන්දු එහිදී කියා සිටියේ තමන්ට දැන් වයස අවුරුදු 60 සපිරෙන බවයි. කොහොම වුණත් තමන්ගේ ජීවිතය පිළිබඳ විටෙක කනගාටුවක් ඇති බවද ඔහු පවසනවා.
තමන් ජීවිතය ගොඩනඟා ගැනීමට කිසිදු පංතියකට නොගිය බවත් ඒනිසා තමන්ව අනුකරණය කිරීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු සඳහන් කළා.එමෙන්ම ඔහු කිසිදු සංවිධානයකට පක්ෂයකට හෝ තම පවුලේ සාමාජිකයින් සමඟවත් බැඳීම් නැතැයි ද පවසනවා.
තම පියා වයස 62දී පිළිකාවකින් සිය ජීවිතයෙන් සමුගත් බවත්, තමන් කුඩා කාලයේ පියා තමන්ට මිතුරෙකුට මෙන් සැලකූ බවත්, බන්දු එහිදී සඳහන් කළා. මෙම වෛද්‍ය සායනයට අමතරව සතුටින් සිටීමට හැකි ක්‍රමවේදයන්ද මිනිසුන්ට ඉගැන්විය හැකිනම් එය කාලීනව ඉතා වැදගත් බවද ඔහු පවසනවා.
බන්දු සමරසිංහ පැවැත්වූ දේශනයට පහතින් සවන්දෙන්න.