තරු හුට පට

කරාටේ ශූරයා මරන්න කලින් එස්.එෆ් ලොකුමල්ලි තැබූ ෆේස්බුක් සටහන

අනුරපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු  කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරු බව කියන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා බව පැවසෙන පුද්ගලයා විසින් මෙම ඝාතන සිද්ධියට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ පණිවිඩයක් ගැන පොලිසියේ අවධානය යොමුව තිබේ.

මෙම ඝාතනයට දින ගණනකට  පෙරාතුව එනම් ඔක්තෝබර් 05 වැනිදා ඔහු විසින් එම පණිවිඩය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ පහත පරිදිය.

“දිගු නිහැඩියාවක භූමි කම්පාව. අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා. අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න. ඉක්මණින්ම බලාපොරොත්තු වන්න. –

ලොකු මල්ලි ”

මේ අතර අනුරපුර උසාවිය අද නි‍යෝගයක් නිකුත් කරමින් මෙම පුද්ගලයාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කරන්නැයිද ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලදී. වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් විසිදෙදෙනෙකු ලබන මස 9 වැනිදා තෙක් රිමාන්ඩ් කර සිටී.

4 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!