තරු හුට පට

විලිරුදා ඡායාරූප අන්තර්ජාලයට දැමූ වෛද්‍යවරියගේ වැඩ තහනම්

10
ගැබිණි මවක දරුවෙකු ප‍්‍රසූත කරන ආකාරය විදහා දැක්වෙන ඡායා රූපයක් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් වෛද්‍යවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා. වෛද්‍යවරුන් වූ කලී සියලූ රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව වන ලෙස කටයුතු කළ යුතු කරුණක් කියන එක අමුතුවෙන් කියන්න  ඕන නෑනේ.

ඉතින් මෙවන් වාතාවරණයක ගැබිණි මවක දරුවෙකු ප‍්‍රසූත කරන ආකාරය ඡායා රූපයකට ගෙන එය අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මැලේසියාවේ වෛද්‍යවරියකට ‍එල්ල වූ චෝදනාව මත ඇයගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ මැලේසියාවේ රෝහලක සූතිකාගාරයකයි.  දරුවෙකු ප‍්‍රසූත කරන සැත්කමක් අතරදී ගැබිණියකගේ ශරීරයේ කොටස් පෙනෙන අයුරින් ජයාරූපයක් ගැනීමට අවසරදී, එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවියකට මුදාහැරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනාව එල්ල වී තියෙනවා.මෙම ඡායාරූපයේ අකාරයට එය සෙල්ෆි ජයා රූපයක් නොවෙන බවත්, එය තව පුද්ගලයකු විසින් ලබාගත්, ඡායාරූපයක් වන බවත්, පෙනීගොස් තිබෙනවා.

මෙම ඡායාරූපයේ සිටින වෛද්‍යවරිය අතින් පෙන්නූ සලකුණ ලෙස සඳහන් වන්නේ “වී” සලකුණයි. එයින් ජයග‍්‍රහණය සංකේතවත් වන බව කියවෙනවා.   ඉතින් මේ සිදුවීම නිසා එම වෛද්‍යවරියගේ වැඩ තහනම් කර ඇති බව මැලේසියානු බලධාරීන් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!