Gossip

ඖෂධ සංස්ථාව ගෙන්වූ ‘අවිගන්’ ඖෂධ වලට වෙන්න යන දේ මෙන්න

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන්ට ලබාදීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ ‘‘අවිගන්’’ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකාවට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගත යුතුය. එහි ලියාපදිංචි විය යුතුය.

ජාපානයේදී මෙම ඖෂධය සම්බන්ධයෙන් සායනික පර්‌යේෂණ දෙකක් පමණක් සිදුකර ඇත. මෙම ඖෂධය ජපානයේ ඖෂධ නියාමන අධිකාරියේද ලියාපදිංචි කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.

මෙම ඖෂධය විද්‍යානුකූලව තහවුරු කර නොමැති අතර අනුප්‍රාප්තික ඖෂධයක් ලෙස දැනට ජපානය හඳුනාගෙන තිබේ.

රජයේ ඉල්ලීමක් මත ජපානයේ නිෂ්පාදිත අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පසුගියදා පැවැසීය.

මෙම ඖෂධ පෙති ඊයේ (31 වැනිදා) දිවයිනට ලැබුණු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගීන්ට ලබාදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙවැනි ඖෂධයක් රෝගීන්ට නිර්දේශ කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයද ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධානය යොමු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!