කුරුණෑගල ඇතුගල කන්ද ඉරි තැලීම් කිහිපියක් ගැන පසුගිය දවස්වල වාර්තා වුණා.
කුරුණෑගල ඇතුගල පුපුරායාමට හේතුව අධික රස්නය බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඇතුගල පුපුරා ගොස් ඇති බවත්, ගල් පතුරු ගැලවී ගොස් ඇති බවත් පසුගිය දා වාර්තා වුණි.
ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් එය පරීක්ෂා කර තිබේ.
කෙසේ වෙතත් පුපුරාගොස් ඇති ස්ථානය සහ පතුරු ගැලවී ගොස් ඇති ස්ථානය නිරීක්ෂණය කිරීමට යාමෙන් වළකින ලෙස ආර්.එම්.එස් බණ්ඩාර මහතා ඉල්ලීමක් කර ඇත.