ජනාධිපතිවරයාට සමාජ වෙබ්අඩවි ඕස්සේ මරණ තර්ජන කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වීසා නොමැතිව මලයාසියාවෙන් පිටුවහල් කළ මොහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යක්කල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත
