කොළඹ ආමර්වීදිය ප්රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
කඩවත – කොටුව පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොටහේන පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූප කිහිපයක් පහතින්…
