නකල්ස් රක්ෂිතයේ වන සතුන් දඩයම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 06 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
තෙල්දෙණිය දිසා විනිසුරු එන්.එම් ෆරික්ඩීන් මහතා විසින් සැකකරුවන් රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
සමාජජාල වෙබ් අඩවි ඔස්සේ පළ වූ තොරතුරුවලට අනුව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
ඔවුන් විසින් නකල්ස් රක්ෂිතයෙන් අල්ලාගත් ඕලු මුවන්, දඬුලේනුන්, ඉත්තෑවන් ඇතුළු සතුන් විශාල සංඛ්‍යාවක් මරාදමා ඇති අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය කාලය තුල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මුදාහැර තිබිණ.