එක්සත් ජනපදයේ කොවිඩ් 19 වයිරස් අර්බුදය අප්‍රේල් 16 වන දිනයේ උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති ආයතනයේ පර්යේෂක කණ්ඩායමක් පුරෝකථනය කර තිබේ. ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව, එදින වන විට එරටින් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාව 2,614ක් වනු ඇත. අගෝස්තු 4 වන විට ඇමෙරිකානුවන් 100,000ක් ජීවිතක්ෂයට පත් වනු ඇතැයි එය වැඩිදුරටත් පෙන්වාදෙයි.
