Gossip

අමෙරිකාවේ පොලිස් සේවය වෙනසක් කිරිමට ජනපති ට්‍රම්ප් සැරසේ – මෙන්න හේතුව

අමෙරිකානු පොලිස් නිලධාරීන්, කළු ජාතිකයින් ඇතුළු සෙසු පුද්ගලයින්ට සලකන ආකාරය ඉහළ නැංවිය යුතු බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් විධායක නියෝගයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. මෙම නියෝගය යටතේ පොලිස් නිලධාරීන්ගේ පුහුණුව සහ මානසික තත්ත්වය වැඩිදියුණු කිරීමට නියමිතයි.
මහජනතාව කෙරෙහි පොලිස් බලය යෙදවීමේදී නියමිත ප‍්‍රමිතීන් භාවිත කිරීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුව දිරි ගැන්වීම මේ යටතේ අපේක්ෂා කෙරෙනවා. මින් ඉදිරියට පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම් විස්තර දැඩිව සොයා බලා, පෙර වැරදි වාර්තා නොවූ පුද්ගලයින් පමණක් බඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නිවාස නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාවලට සමාජ සේවකයින් ද එක් කරගත යුතු බවට මෙම නියෝගය යටතේ අවධාරණය කර තිබෙනවා.
පසුගිය මාස කිහිපය පුරා වාර්තා වූ ඇතැම් සිදුවීම්වලට මෙම නව නියෝගය මගින් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි, මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ. ඔහු මෙම නියෝගයට අත්සන් තබන අවස්ථාවට, පොලිසියේ වද හිංසා හේතුවෙන් ඝාතනය වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද එක් කරගැනීමට නියමිතයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!