ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිපදවා තිබෙනවා.
එය ඉකුත් දා කොලරාඩෝ ප්‍රාන්තයේදි උඩු ගුවනට මුදා හැර තිබෙන බවයි විදෙස් මධ්‍ය සඳහන් කරන්නේ.
එහි බර කිලෝ ග්‍රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක් වනවා. මීට පෙර ලොව විශාලතම මල් වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ ග්‍රෑම් 1,087 ක බරින් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නිපදවා තිබූ මල් වෙඩිල්ලකි.
