කොවිඞ් වසංගතය මැද එච්. අයි. වී. ආසාදනයට ලක්වන අයගේ ඉහළ යෑමක් ඇති විය හැකි යැයිද මේ නිසා ලිංගාශ‍්‍රිත සායනවලට ආසාදිතයන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමට මැලිකමක් දක්වන බවට පෙනී ගොස් ඇතැයිද මාතර මහ රෝහලේ ලිංගාශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පැවසුවාය.
ලෝක ඒඞ්ස් දිනය නිමිත්තෙන් මාතර මහ රෝහලේ පැවැති සම්මන්ත‍්‍රණයේ දේශනයක් කරමින් විශේඥ වෛද්‍යවරිය එසේ පැවසුවාය.
මෙසේ මැලිකමක් දක්වන රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ නිවසටම ගොස් ඖෂධ ලබාදීම සිදු කරන බවද ඇය පැවසුවාය.
2020 වසරේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් එච්. අයි. වී. ආසාදිතයන් දහසය දෙනකු හඳුනාගෙන ඇතැයිද මේ දක්වා මාතර මහ රෝහලේදී ලිංගාශ‍්‍රිත රෝග සායනයෙන් හඳුනාගත් රෝගීන් පනස්හත් දෙනකු සිටින බවද මාතර, දික්වැල්ල, හක්මණ, වැලිගම දෙවිනුවර ප‍්‍රදේශවලත් විශේෂයෙන් වෙරළ ආශ‍්‍රිතවත් වැඩිපුරම ආසාදිතයන් වාර්තා වන බවද ඇය පවසා සිටියාය.
විශේෂයෙන් තරුණ වයසේ එනම් අවුරුදු 20-35 අතර වයස්වල පසුවන අය වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වන බවත් පිරිමි අය මෙම රෝගයට ගොදුරු වීම වැඩි බවත් පැවසූ ඇය පිරිමින් පහකට එක් ගැහැනු අයකු ආසාදිත වන බවද පැවසුවාය.
මේ වන විට ලෝකය පුරා එච්. අයි වී ආසාදිතයන් ලක්‍ෂ 17 ක් පමණ සිටින බවද මෙයිනුත් අප‍්‍රිකානු කලාපය මුල් තැන ගන්නා බවද ඇය වැඩිදුරටත් කීවාය.