‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණිට ළං වෙලා හිටපු නවක නළු ඉමේෂාන්ව ඔබ කවුරුත් දන්නවා.
මේ ඉමේෂාන් පසුගිය දවසක මියගියා කියලා ඡායාරූප කිහිපයක් සමග අන්තර්ජාලය පුරාම පුවත් හුවමාරු වෙන්න පටන් ගත්තා.
කෙසේ වෙතත් මේ මරණය ටෙලි නාට්‍යයක ජවනිකාවක් බවත් එයි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් පසුව හෙළිවුණා.
ඉමේෂාන් සතිඅන්ත පුවත්පතකට ඒ ගැන මේ විදිහට හෙළිකරලා තිබුණා.
පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා සැරිසැරූ උණුසුම් පුවතක් වුණේ හදිසියේ ඔබ මිය ගිය බවයි. ඇත්තටම මේ අසත්‍ය පුවත නිර්මාණ වුණේ කොහොමද?
එය ටෙලි නාට්‍යයක ජවනිකාවක් විතරයි. ඒ ටෙලි නාට්‍යයේ හැටියට මම මිය යනවා. ඒ දර්ශනය රූගත කළ අවස්ථාවේ ගත් ඡායාරූප තමයි ඔය විදියට පළ කරලා තිබුණේ.
ඔබ මියගිය බවට පුවත සඳහන් කරලා අදාළ ඡායාරූපවලට යටින් කුඩාවට සඳහන් කර තිබුණා මෙය ටෙලි නාට්‍යයක ජවනිකාවක් බවට. ඇත්තට ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වෙනුවෙන්ද මෙවැන්නක් කළේ?
නැහැ, මෙය ටෙලි නාට්‍යය කණ්ඩායම කළ දෙයක් නෙවෙයි. ඔය පුවත අන්තර්ජාලයේ පළ වුණාට පස්සේ අදාළ ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයා මට කෝල් කරලා කිව්වා “මේක දැක්කම පත්තරවලින් කතා කරයි. දැන්මම ටෙලි නාට්‍යයේ නමවත් හෙළි කරන්න එපා” කියලා.
ඒ හින්දා ඔය ජවනිකා ඇතුළත් ටෙලි නාට්‍යයේ නමවත් මට හෙළි කරන්න බැහැ.
එතකොට කවුද මේ වගේ දෙයක් කළේ?
මම හිතන්නේ ඇතැම් අන්තර්ජාල වෙබි අඩවි තමයි මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. මේ වගේ දේවල් පළවුණාම ඒ අයගේ වබේ අඩවිවලට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසයි ඒ අය මේ වගේ දේවල් කරන්නේ.
ඒත් ඉතින් මේ විදියේ පුවත් පළ වුණාම නළු නිළියන්ගේ ජනප්‍රියතාවයත් වැඩි වනවා නේද?
ඔව්, ඒ විදිහේ වාසියකුත් තියෙනවා තමයි.
ඒත් ඔබ අදාළ සිදුවීම ගැන ඔබේ මතය සඳහන් කළේ කලකිරීමෙන්. ඔබට අසාධාරණයක් වී ඇති බවයි ඉන් හැඟෙන්නේ.
මා ගැන බොරුවට හරි ඔය වගේ දෙයක් පළවුණාම මගේ දෙමාපියන්ගේ මානසික තත්ත්වය මොනවගේද කියලා හිතන්න.
දුර පළාත්වල ඉන්න නෑදෑ හිතවතුන් පවා මේක දැකලා තිබුණා. මම මිය ගියා කියන හෙඩිම ලොකුවට දාලා මිය ගිය ඡායාරූප පෙළක් දාලා ඊට යටින් කුඩාවට සඳහන් කර තිබුණා මෙය ටෙලි නාට්‍යයක ජවනිකාවක් බව.
හෙඩිම බලන හැමෝම ආටිකල් එක කියවන්නේ නැහැනේ. හෙඩිම බලලා පින්තූර බලලා කලබල වෙලා සමහර නෑදෑයෝ අපේ ගෙදරට කෝල් කළා.
ඔය සියල්ලටම වඩා මට හානියක් වුණේ “ජනප්‍රිය වන්න හිතාමතාම මේ වගේ දේවල් පළ කරනවා නේද?” කියලා සමහරු මගෙන් අහන නිසයි. ඒ හින්දයි මම අර වගේ අදහසක් පළ කළේ. ඒත් මම ගොසිප් වබේ අඩවි එක්ක අමනාප නැහැ.
සිඳු ටෙලි නාට්‍යයේ තෙරුණිට (මනීෂා චංචලා) දැන් ළංවෙලා ඉන්නේ දිලුම් (යාෂ් මිහිරාන්) කලක් තෙරුණිට ළංවෙලා හිටපු හේෂාන් (ඉමේෂාන්) දැන් ආගිය අතක් නැහැ. ඔබ දෙරණ නාලිකාව සමග හෝ ‘සිඳු’ කණ්ඩායම සමග හෝ අමනාප වී ඉන් ඉවත්වූවාද කියා ඇතැමුන් විමසනවා?
‘සිඳු’ අධ්යක්ෂ තිළිණ අයියාගේ (තිළිණ බොරලැස්ස) අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යයේ මම රඟපානවා. දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයටත් මම ගියා. ‘සිඳු’ කණ්ඩායම හෝ දෙරණ සමග මගේ කිසි අමනාපයක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවානේ. ‘සිඳු’ නාට්‍යයේ හේෂාන්ට මොකද වුණේ? ඉදිරියේදී ඔහුගේ චරිතය නැවත එයිද? කියන එක නම් මමවත් තවම හරියට දන්නේ නැහැ.