ගණිකාවක් සොයා ගිය පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගිය පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම සිද්ධිය තායිලන්තයෙන් වාර්තා වු අතර මියගිය පුුද්ගලයා 51 හැවිරිදි වියේ පසුවූ අයෙක්.
වෘත්තියෙන් කුලී රථ රියදුරෙකු වන ඔහු ගණිකාවක් සමඟ නවාතැන්පලක සිටියදීයි මියගොස් තිබෙන්නේ.
අදාල පුද්ගලයා මියගිය බවට දැනුනු ගණිකාව එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.
පසුව නවාතැන්පලේ සේවකයෙකු පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයා දැක ඒ ගැන පොලිසියට දන්වා තිබෙනවා.
පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් හෙළිව තිබුණේ ඔහු හෘදයාබාධයකින් මියගිය බවයි.