Gossip

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

කොරෝනා  ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන්  පිළියන්දල  නිවන්තිඩිය  සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද  ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම  මූලික රෝහලට අද ඇතුළත් කළ බව ද පිළියන්දල   සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ඉන්දික එල්ලාවල  මහතා පැවසීය .

පසුගිය 20 වෙනි දා පිළියන්දල  සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ  ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා  රෝහල්ගත කළ  කාන්තාවගේ සමීප ඥාතීන් වන බවත් ඔහු ඊට දින දෙකකට පෙර කොස් රැගෙන ගොස් එම නිවසට ලබාදී ඇති බව  තොරතුරු අනාවරණය වූ බව වෛද්‍ය වරයා  පැවසීය .

මාළු ව්‍යාපාරිකයා ආසාදිත   තත්ත්වයට පත්වීමෙන් අනතුරුව  සිදු කළ පසු විපරමේ දී ඔහු නිවසට ආ බව ඩිපෝව අධිකාරී වරයාගේ බිරිඳ තොරතුරු වසන් කර තිබූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .

එම කාන්තාව රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයට අද දැනුම් දුන්න බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!