කොරෝනා රෝගයේ අතිභයානක ප්‍රභේද ඉදිරියේදී මතුවිය හැකි අතරම එය වසර දෙකක පමණ කාලක් පුරා මිනිස් ජන ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් වඩාත් ප්‍රවේසම් විය යුතු යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.
මේ වන විට ඇමෙරිකාවේ සහ චීනයේ කරන ලද පර්‌යේෂණ මගින් හෙළිවී ඇත්තේ මෙම කොරෝනා වෛරසය විටින් විට වෙනස් වෙමින් නව ප්‍රභේදයන් ඇති කරන බව යැයිද හෙතෙම පැවසීය.
මේ අනුව මෙම වෛරසයට තනි එන්නතක් නිපදවීමේ බලාපොරොත්තුව ගිලිහි යනු ඇතැයි ද එම පර්‌යේෂකයන් සඳහන් කර ඇතැයි මහාචාර්යවරයා අවධාරණය කළේය.
කෙසේ නමුත් මේ වන විට අප රට තුළ කොරෝනා රෝගය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවැති ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රමයෙන් බැහැර වෙමින් පවතින බවත් එය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවත් වෛද්‍ය ජයසුමන කීවේය.
ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා භාවිත කළ දේශීය වෛද්‍ය ක්‍රමයන් හා අධ්‍යාත්මික වැඩසටහන් මේ වන විට ගිලිහෙමින් පවතින බැවින් ඒවා යළි ක්‍රියාත්මක කළ යුතු යැයිද එසේ නොවුණහොත් ඉතා භයානක තත්ත්වයකට අපට මුහුණදීමට සිදුවනු ඇතැයි ද මහාචාර්යවරයා අනතුරු අඟවා සිටියි.
